Friday 19th of June 2026

English Tamil
Advertiesment


16600ක් වූ ගුරු සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් විපක්ෂ නායක පෙරට එයි


2025-10-09 14907

 

ගුරු සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවට අවශ්‍ය වන්නේ ගැටුමක් නොව උත්තර සහ විසදුම් බවත් වසර ගණනාවක් පුරා අප රටේ පාසල් පද්ධතියේ ගුරු හිඟයට විසඳුමක් ලෙස 16600ක් ගුරු සංවර්ධන නිලධාරීන් විශිෂ්ට සේවාවක් ඉටු කළ බවත් ඒ අයට ලබා දිය යුතු විසදුම ගැන අධිකරණය තුළ සමථකරණ තීන්දුවක් ලැබී ඇති බවත් ඒ තින්දුව ප්‍රකාරව වසර 3ක් තුළ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ක්‍රියාත්මක කරන තුරු 2.2 ශ්‍රේණියේ අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස අන්තර්ග්‍රහණය කළ යුතු වුවත් අද එසේ නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

මේ අය සුදුසු ඡන්ද කාලයට ඡන්දය ගන්නද කියා ප්‍රශ්න කරන බවත් මේ අයට වහාම විසඳුමක් දිය යුතු බවත් රජයට පුරප්පාඩු නැති බවට පැවසිය නොහැකි බවත් රැකියා විරහිත උපාධිධාරීන් 35000කට සහ මේ අය ඇතුළු පුරප්පාඩු 50000 විතර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉසුරුපාය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වන ගුරු සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට එම ස්ථානයට ගිය අවස්ථාවේ දීය.

වසර ගණනාවක් දැඩි කැපවීම් සිදු කළ මේ අය ජනාධිපතිවරණය මහ මැතිවරණය පළාත් පාලන මැතිවරණයෙන් පසු කොන් කිරීම අමතක කිරීම අනුමත කළ නොහැකි බවත් රජයට හිතක් පපුවක් නැද්ද කියා ප්‍රශ්න කරන බවත් දැන්වත් මේ 16600ගේ ගැටලුවට විසදුම් දෙන ලෙසත් තවත් කමිටු අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් අවධාරණය කරයි.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment